බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට.

Sunday, 17 February 2013 - 19:08

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් හෙට (18) ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ඒ, තුන්දින නිළ සංචාරයක් සඳහායි. මෙම සංචාරයේ දී බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. විශේෂයෙන් බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර ආර්ථිකමය වශයෙන් වැදගත් වන ගිවිසුම් රැසකට මෙම සංචාරය අතරතුර දී අත්සන් තැබීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන්. මෙම සංචාරයේ දී දෙරටටම වැදගත් වන ද්විපාර්ශවීය කරුණු රැසක් සම්බන්ධයෙන් දෙරට රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවධානය යොමු වනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් අවසන් වරට ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ පසුගිය 2010 වසරේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories