දරුවන් ඉදිරියේ ජාතිවාදය සහ ආගම්වාදය එපා. - ජනපති.

Sunday, 17 February 2013 - 19:16

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දරුවන් ඉදිරියේ ආගම්වාදී සහ ජාතිවාදී ආකල්ප වර්ධනය කිරීමෙන් වැළකිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ද්විතීයික පාසල් දහසක් ගොඩනැගීමේ රජයේ වැඩසටහන යටතේ ඉදිකෙරුණු දෙවන පාසල විවෘත කිරීමේ අවස්ථාවට මාතර දී අද (17) එක්වෙමින්. මහින්ද රාජපක්ෂ විද්‍යාලය ලෙස නම් කර ඇති මෙම විද්‍යාලය මාතර - රස්සන්දෙනිය ප්‍රදේශයේ අක්කර 24ක භූමි භාගයක ඉදිකර තිබෙනවා. 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමේ පහසුකම් මෙහි සමන්විතයි. විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ දරුවන් තුළ යහපත් ආකල්ප වර්ධනය කරලීම දෙමව්පියන්ගේ ද වගකීමක් බවයි.

[MP3]s53597_1[/MP3]

බෙන්තර පාලමෙන් මෙන්ම කැළණි පාලමෙන් එගොඩට සංවර්ධනය ගෙන ගියේ වත්මන් රජය බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. කඩඉම් විභාගවලදී දරුවන් පෙන්වන දක්ෂතා තුළින් ඒ බව තවදුරටත් තහවුරු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

[MP3]s53597_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories