මුහුදට දැමූ මියන්මාර ජාතිකයන් 98 න් එක් අයෙක් බේරා ගැනේ.

Monday, 18 February 2013 - 7:54

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+98+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.


නැගෙනහිර මුහුදේ අනතුරුදායක ලෙස අතරමංව සිටියදී බේරාගත් මියන්මාර් ජාතිකයන් අතර සිටි මුහුදට දැමූ 98 දෙනාගෙන් එක් අයෙකු තංගල්ල මුහුදු සීමාවේදී ධීවරයන් විසින් බේරාගෙන තිබෙනවා. අනතුරුව මෙම මියන්මාර් ජාතිකයා තංගල්ල රෝහල වෙත  ඇතුළත් කළ බවයි තංගල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ. එමෙන්ම මියන්මාර ජාතිකයන් 98 දෙනෙකු නිරාහාරව ජීවිතක්‍ෂයට පත්වීම නිසා මුහුදට දැමූ බවට තොරතුරු අනාවරණය වී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා.  පෙරේදා නැගෙනහිර මුහුදේ අතරමංව සිටියදී මියන්මාර ජාතිකයන් 32 කු නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා. ඒ වනවිටත් දින ගණනක් තිස්සේ නිරාහාරව සිටීම හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයන් නිසා මෙම පිරිස කරාපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කළා.

කෙසේ වුවත් මේ වනවිට රෝහල්ගත කළ මියන්මාර් ජාතිකයන්ගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග සඳහන් කළේ. මීට මාස දෙකයි දවස් 5 කට පෙර මොවුන් මියන්මාරයේ සිට මලයාසියාව බලා යාමට යාත්‍රා 3 කින් පැමිණ ඇති අතර ඉන් යාත්‍රා දෙකක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුරුව ඉතිරිවූ යාත්‍රාවේ පැමිණි පිරිස ආහාර නොමැතිව මුහුදේ අතරමංව සිටියදී මෙලෙස නාවික හමුදාවෙන් බේරා ගැනුනේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories