ශ්‍රී ලංකාවට එරෙහිව තවත් වීඩියෝ පටයක්.

Monday, 18 February 2013 - 7:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාවට එරෙහිව තවත් වීඩියෝ පටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බව ලෝක දෙමළ සංවිධානය පවසනවා.  එහි මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණෙ එළඹෙන 27 වැනිදා  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ලෝක දෙමළ සමුළුවේදී මෙම වීඩියෝ පටය එළිදැක්වීමට නියමිත බවයි. මෙම වීඩියෝ පටය නෝ ෆයර් සෝන් ලෙස නම් කර ඇති බව වාර්තාවනවා. මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ වීඩියෝ පටවල නවතම වීඩියෝ පටය ලෙසයි මෙය එළිදැක්වීමට නියමිතව ඇත්තේ. මීට අමතරව ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භයේදීද මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා කියා සිටියා. ලබන 27 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ආරම්භවන ලෝක දෙමළ සමුළුව සඳහා නියෝජිතයන් රැසකට ආරධනා කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල බ්‍රිතාන්‍ය නියෝජිතයන්ට ඒ සඳහා ආරධනා ලැබී ඇති බවයි වාර්තාවන්නේ. මෙම සමුළුව සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී තිබෙනවා. ඊට එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ තමන්  ඊට සහභාගිවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories