මුදාගත් මියන්මාර ජාතිකයන් 25 ක් පොලිස් භාරයට. තවත් 7 ක් රෝහලේ.

Monday, 18 February 2013 - 12:55

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

නැගෙනහිර මුහුදේ අනතුරුදායක ලෙස අතරමංව සිටියදී බේරාගත් මියන්මාර ජාතිකයන් 25 දෙනෙකු ගාල්ල වරාය පොලීසියට භාරදී තිබෙනවා. නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොවුන් අද පෙරවරුව දක්වා ප්‍රතිකාර ලබාගත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේයි. එම රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මියන්මාර ජාතිකයන් 7 දෙනෙකු පමණක් බවයි. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

[MP3]s53624[/MP3]
මෙම මියන්මාර ජාතිකයින් පිරිස නාවික හමුදාවේ සාගර නෞකාව මගින් පෙරේදා සවස මුදා ගනු ලැබුවේ දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටියදියි. ඊයේ මොවුන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබුවා. ඉන් අනතුරුවයි මෙම මියන්මාර ජාතිකයින් පිරිස නිරාහාරව සිටීම හේතුවෙන් මතුවූ රෝග තත්ත්වයන් නිසා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ මීට මාස 2කයි දින 5කට පෙර යාත්‍රා 3කින් 130 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මියන්මාරයේ සිට  ඕස්ට්‍රේලියාව බලා යාමට පැමිණ ඇති බවයි. එම පිරිසෙන් 98 දෙනෙකු නිරාහාරව ජීවිතක්‍ෂයට පත්වීම නිසා මුහුදට දැමූ බවද බේරාගත් මියන්මාර ජාතිකයින් පොලීසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
 
කෙසේ වෙතත් එසේ මුහුදට දැමූ එක් අයෙකු තංගල්ල මුහුදු සීමාවේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් විසින් බේරාගත් අතර එම මියන්මාර ජාතිකයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ තංගල්ල මුලික රෝහලේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories