හෙලිකොප්ටර් ගණුදෙනුවක් ගැන ඉන්දු - බ්‍රිතාන්‍ය නායකයන්ගේ අවධානයට.

Monday, 18 February 2013 - 13:00

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.



2010 වසරේ බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු මහා පරිමාණ අවි ගණුදෙනුවක් පිළිබඳ යළි සළකා බැලීමට නියමිතව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගේ ඉන්දීය සංචාරය අතරතුරයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තුන්දින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට පැමිණෙනවා. 2010 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ප්‍රභූන් ප්‍රවාහනය කරන හෙලිකොප්ටර් යානා 10 ක් මිලදී ගෙන තිබෙනවා. ඒ සඳහා ඉන්දියාව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 748 ක්. එම ගනුදෙනුවේදී අතරමැදියන් විශාල මුදලක් වංචා කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව ඊට අදාළව දෙරටේ නායකයන් සාකච්ඡා කරනු ඇති බවද ඉන්දීය මාධ්‍ය අද අනාවරණය කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර විශාල ආයෝජනයන් රැසක් ඉන්දියාව තුළ සිදුකිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව දැනට දෙරට අතර පවතින ඩොලර් බිලියන 11.5 ක් වූ ආයෝජන දෙගුණයක් දක්වා වර්ධනය කරගනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories