බ්‍රිතාන්‍ය අවි මිලදී ගැනීමේ වාර්තා හමුදාව ප්‍රතික්ෂේප කරයි.

Monday, 18 February 2013 - 18:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 2 ක් වටිනා අවි ආයුධ පසුගිය වසර තුළ ලක් රජය විසින් මිලදීගෙන ඇති බවට බ්‍රිතාන්‍ය පුවත්පතක් පළ කළ වාර්තා යුද හමුදාව ප්‍රතික්ෂේප කරනවා. බ්‍රිතාන්‍යයේ පළ වන ද ගාඩියන් පුවත්පත අද (18) කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාව සඳහා මිලදී ගෙන ඇති එම යුද අවි අතර, සැහැල්ලූ ගිනි අවි, ජීව උණ්ඩ සහ සංග්‍රාමික උපකරණ වන බවයි. මෙම ගණුදෙනුවට අදාළ තොරතුරු බ්‍රිතාන්‍ය රජයේ දත්ත ඇසුරින් අනාවරණය කරගත් බව ද ගාඩියන් පුවත්පත සඳහන් කළා. එම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැයිස්තු ගතකර ඇති බවයි. ඇතැම් ක්‍රියා හේතුවෙන් මෙරට මානව හිමිකම් සතුටුදායක මට්ටමක නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය එම ලැයිස්තු ගතකිරීමෙන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය අවි ගණුදෙනුවට පෙර ඊට අදාළ පූර්ව නිරීක්ෂණයක යෙදුනු බවද එම පුවත්පත ප්‍රකාශ කළා. ඒ අනුව ලක් රජයට අවි ආයුධ ලබාදීමට කටයුතු කර ඇති බවයි එහි දැක්වුණේ. කෙසේ වෙතත්, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ද ගාඩියන් පුවත්පතේ පළව තිබූ මාධ්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, පසුගිය වසරේ දී බ්‍රිතාන්‍යයෙන් මෙවැනි අවි මිලදී ගැනීමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකර නොමැති බවයි.
 
[MP3]s53643[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories