ආගම්වාදී සංවිධාන ගැන රනිල්ගෙන් තොරතුරු.

Wednesday, 20 February 2013 - 7:39

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

ආගමික විරසකභාවය ඇති කරන සංවිධාන බිහි වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන්ට අනුව බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. ජාතික විද්වත් වෘත්තික සංසදය මගින් සම්පාදනය කළ අපෙන් කොල්ලකන අපේ ඛනිජ සම්පත නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (19) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.  

 
[MP3]s53732[/MP3]

 

මේ අතර, ජාතිවාදී සහ ආගම්වාදී අදහස් පතුරන සංවිධාන සම්බන්ධයෙන් ඊයේ (19) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අවදානය යොමු වී තිබෙනවා. එහිදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ ආගම්වාදී සංවිධාන බටහිර තානාපති කාර්යාල කිහිපයක් සමග ඍජු සම්බන්ධකම් පවත්වන බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම සංවිධාන නියෝජිතයින් සහ තානාපති කාර්යාල නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡා සම්බන්ධයෙන් ද තමන් වෙත ලැබී ඇති තොරතුරු ඉදිරියේ දී රටට හෙළි කරන බවයි විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර ඇත්තේ.   

 
කෙසේ වුවත් පසුගිය දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සදහන් කර සිටියේ තම සංවිධානයට විදෙස් තානාපති කාර්යාලයකින්, රජයේ හෝ විපක්ෂයේ කාර්යාලයකින් මූල්‍යාධාර ලැබෙන බවට ඔප්පු කළහොත් තම සංවිධානය විසුරුවා හරින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories