ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිට හදිසි කැඳවීමක්.

Wednesday, 20 February 2013 - 7:46

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා හදිසියේ යළි මෙරටට කැඳවා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ ඇතිවුණු වාතාවරණයන් සැලකිල්ලට ගෙන මෙලෙස ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි කැඳවීමට තීරණය කළ බවයි විදේශ අමාත්‍යාංශය පැවසුවේ. ඉතාලියේ වෙසෙන සහ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය දිනවල ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කර තිබුණා. ඒ, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සේවය ඔහුගෙන් නිසි පරිදි ඉටු නොවන බවටයි. මෙම චෝදනා සැලකිල්ලට ගෙන ඊයේ (19) ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා යළි දිවයිනට කැදවීමට පියවර ගත් බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් නව තානාපතිවරයෙකු පත් කිරීමට කටයුතු කරන බව ද හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු තවදුරටත් සදහන් කළා.

 
2011 වසරේ දී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කෙරුණු අසිත පෙරේරාගේ සේවා කාලය ලබන මාසයේ දී නිළ වශයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories