ඉරානයේ බුදු පිළිම තහනම අසත්‍යයක් - එරට ශ්‍රී ලංකා තානාපති.

Wednesday, 20 February 2013 - 12:48

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිත කිරීමට එරට රජය විසින් තහනමක් පනවා නොමැති බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඞ් ෆයිසාල් රසීන් ප්‍රකාශ කළා. ඉරානයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරිමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන සයිඞ් අන්සෑරි එරට පළවන අර්මාන් පුවත්පත වෙත මීට පෙර ප්‍රකාශ කර තිබුණේ බුද්ධ ප්‍රතිමා එරට සංස්කෘතික ආක්‍රමණයේ සංකේතයක් ලෙස සලකන බැවින් මෙවැනි තීරණයක් ඉරාන රජය විසින් ගෙන ඇති බවයි. එහෙත් ඉරානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අදාළ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එරට ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියා. ඒ සම්බන්ධයෙන් ඔහු එරට විදේශ අමාත්‍යාංශයෙන්ද කරුණු විමසා තිබෙනවා. එහෙත් බුදු පිළිම ඉරානය තුළ භාවිත කිරීමට තහනමක් පනවා නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය තමන්ට ප්‍රකාශ කළ බවයි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඞ් ෆයිසාල් රසීන් කියා සිටියේ.

 
[MP3]s53761[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories