උතුරු කොරියාවෙන් දකුණට අවසන් අනතුරු ඇඟවීමක්.

Wednesday, 20 February 2013 - 13:16

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



උතුරු කොරියාව, දකුණු කොරියාවට අවසන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ, බටහිර රටවල් සමග එක්වෙමින් සිය රටට න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අඛණ්ඩව චෝදනා එල්ල කළහොත් තමන් දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවටයි. දකුණු කොරියාව බටහිර රටවල් සමග එක්ව එල්ල කරන  ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවයි උතුරු කොරියාව සඳහන් කර ඇත්තේ. දකුණු කොරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට එළැඹීමට වූවද සූදානම් බව උතුරු කොරියාව තවදුරටත් පවසා තිබෙනවා. පසුගියදා උතුරු කොරියාව විසින් සිය තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලීම ද සිදුකරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories