නීතීඥ සංගමයේ නව සභාපති උපුල් ජයසූරිය.

Wednesday, 20 February 2013 - 19:35

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීම සඳහා අද  පැවති ඡුන්ද විමසීමෙන් නීතීඥ උපුල් ජයසූරිය ජයග්‍රහණය කර තිබෙනවා. ඔහු කොළඹින් ලබාගෙන ඇති   ඡුන්ද සංඛ්‍යාව 1471 ක්.

ඔහු සමග සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ නීතීඥ ටිරන්ත වළලියැද්ද කොළඹින් ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 330 ක්. අනෙක් අපේක්ෂකයා වූ නීතීඥ ආර්.ආර්.එස්. තංගරාජා ඡන්ද 77 ක්  ලබාගත්තා.  කොළඹ ප්‍රතිඵලය අනුව වැඩි ඡුන්ද 1141 කින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන්  නීතීඥ උපුල් ජයසූරිය තේරී පත්වුනා.

මෙම නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම කොළඹ දිසා අධිකරණ පරිශ්‍රය ඇතුලූ තවත් දිවයින පුරා පිහිටි අධිකරණ පරිශ්‍ර 73 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

මෙම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ සොලිසිටර් ජනරාල් යුවන්ජන් විජේතිලකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories