ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීම සහ භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඊයේ වාර්තාවුණා. ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇතිවුණේ දැඩි මතවාදයක්. ඉරානයේ සංස්කෘතික උරුමයන් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන සයිඞ් අන්සෑරි නැමැත්තා එරට අර්මාන් පුවත්පත වෙත ප්‍රකාශ කර තිබුණේ බුද්ධ ප්‍රතිමා එරට සංස්කෘතික ආක්රමණයේ සංකේතයක් ලෙස සලකන බැවින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඉරාන රජය කිසිදු ආකාරයකින් එවැනි තහනමක් පනවා නොමැති බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඞ් ෆයිසාල් රසීන් ප්‍රකාශ කළා.
[MP3]s53793_1[/MP3]
කෙසේ වෙතත් සිංහළ රාවය ජාතික සංවිධානය ඉරානයේ බුද්ධ ප්‍රතිමා තහනම් කළා යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අද ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝ්ධතාවයක් පැවැත්වූවා. ඒ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට සිට පා ගමනින් ඉරාන තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් අනතුරුවයි. අනතුරුව ඔවුන් තානාපති කාර්යාලය වෙත සන්දේශයක් භාරදුන්නා. එහිදී ඉරාන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන බව ලිඛිත පොරොන්දුවක් ලබාදුන් බවයි සිංහළ රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
[MP3]s53793_2[/MP3]
බොදුබල සේනා සංවිධානයද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.
[MP3]s53793_3[/MP3]
මේ අතර කොළඹ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක හලාල් ප්රශ්ණ්ය සම්බන්ධයෙන් අදහස් පළ කලා. එහිදී මන්ත්‍රීවරයා බොදු බල සේනා සංවිධානය මෙන්ම ජාතික හෙළ උරුමයට ද චෝදනා එල්ල කලේ මෙලෙසින්.
[MP3]s53793_4[/MP3]
ඒ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වන ජාතික හෙල උරුමයේ නීති උපදේශක උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළා.
[MP3]s53793_5[/MP3]
Follow US
Most Viewed Stories