මානව හිමිකම් සමුළුවට ඇමතිවරු නැහැ. විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

Thursday, 21 February 2013 - 7:24

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


ලබන මාර්තු මාසයේදී ජිනීවා හිදී රැස්වන ජගත් මානව හිමිකම් සමුළුවේ සැසිවාරයට රජයේ අමාත්‍යවරුන් සහභාගි නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් පමණක් මෙවර සැසිවාරය සඳහා සහභාගි වන බවයි. ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ තම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙලෙස මෙම සැසිවාරයට සහභාගි වන බවයි ඔහු සඳහන් කළේ. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන  ඕනෑම යෝජනාවකට සාර්ථකව මුහුණදීමට රජය සූදානම් බව  විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන ආ යුතු බව නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි.

[MP3]s53804_1[/MP3]


ජාතික හෙළ උරුමය පවසන්නේ මෙම ප්‍රකාශය රටට එරෙහි ප්‍රකාශයක් බවයි. ඒ පිළිබඳ අදහස් දක්වන ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රිී වර්ණසිංහ.

[MP3]s53804_2[/MP3]

රටට එරෙහි මෙවැනි පුද්ගලයන්ට තම න්‍යාය පත්‍රයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ. ඒ පිළිබඳව අදහස් දක්වන එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

[MP3]s53804_3[/MP3]
 
මේ අතර බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනා පරාජය කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව රුසියාව ප්‍රකාශ කළා. මෙරට රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මෙම අදහස් පළ කළේ ඊයේ අග්‍රාමාත්‍ය දි මු ජයරත්න හමුවූ අවස්ථාවේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories