හලාල් සහතිකයට දුන් විසඳුමේ අවුලක් - ලංකා ජමියතුල් උලමා සභාව.

Thursday, 21 February 2013 - 19:10

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80.

හලාල් සහතිකය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අද ලබාදුන් විසඳුම ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ලංකා ජමියතුල් උලමා සභාව ප්‍රශ්න කරනවා. ඔවුන් කියා සිටින්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කළ යුතු බවයි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති විවාදය තවම අවසන් නැහැ. අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සභාව කියා සිටියේ හලාල් සහතිකය සහිතව සහ රහිතව එකම භාණ්ඩය වෙළඳපොලට නිකුත් කළ හැකි බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන එම සභාවේ හලාල් සහතික අංශයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර්.

[MP3]s53850_1[/MP3]         

එහෙත් හලාල් සහතිකය පිළිනොගන්නා ලංකා ජමියතුල් උලමා සභාව මෙම විසඳුම ප්‍රශ්න කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් රහුමාන් පැවසුවේ අදාළ විසඳුම කෙසේ ක්‍රියාත්මක කරන්නේද යන්න පැහැදිලි කළ යුතු බවයි.

[MP3]s53850_2[/MP3]               

හලාල් සහතිකය සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද සාකච්ජාවට ලක්වුණා. මේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී දැක්වු ප්‍රතිචාරයයි.

[MP3]s53850_3[/MP3]     

මේ අතර, ආගමික සහජීවනය ඇති කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අද පළමු වරට අද රැස්වුණා.

බොදු බල සේනා සංවිධානය මෙන්ම සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවද එම අනුකමිටුව හමුවට අද කැඳවා තිබෙනවා. පස්වරු දෙකේ සිට හතර දක්වා බොදු බල සේනා නියෝජිතයන් එම අනුකමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළා. කරුණු දැක්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳව පැහැදිලි කළ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන්.

[MP3]s53850_4[/MP3]       

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් එම කාරක සභාව හමුවට කැඳවූයේ පස්වරු හතරටයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මෙම අමාත්‍ය අනුකමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, චම්පික රණවක, විමල් වීරවංශ, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, රාවුෆ් හකීම්, ඒ.එල්.එම්.අතාවුල්ලා, ඒ.එච්.එම්.ෆවුසි යන අමාත්‍යවරුන් කාරක සභාවේ සෙසු සාමාජිකයන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories