ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කරූ ජයසූරිය නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණි කොටි හිතවාදීන් දැක්වූ විරෝධතා හේතුවෙන් ඔහු එම සංචාරය අවලංගු කර නික්මුණු බව ඉන්දීය වාර්තා සඳහන් කළා. තමිල්නාඩුවේ - නාගපට්නම්හි - අමීර්තකඬේශ්වර කෝවිලේ පූජාවට සහභාගිවීම සඳහායි කරූ ජයසූරිය මන්ත්රීවරයා බදාදා රාත්රියේ නාගපට්නම් වෙත පැමිණ ඇත්තේ. එහෙත් ඊයේ උදෑසන එය ඉදිරිපිට රැස්වූ කොටි හිතවාදී දේශපාලන කණ්ඩායම් ඔහුට වහා නික්මෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා. කරුණානිධිගේ ඞී.එම්.කේ, බී.ජේ.පී, වයිකෝගේ එම්.ඞී.එම්.කේ , පාඨලී මක්කල්, සීමාන්ගේ නාන් තමිලර් පක්ෂවල ක්රියාකාරීන් මෙහි පැමිණ ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. නාගපට්නම්හි ශ්රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාලය තුළ වාර්තා වූ සිව්වන සිද්ධිය මෙයයි.
Follow US
Most Viewed Stories