ප්‍රභාකරන්ගේ පුත්‍රයා ගැන ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැහැදිලි කිරීමක්.

Friday, 22 February 2013 - 7:54

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



ප්‍රභාකරන්ගේ පුත්‍රයා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් ඝාතනය කළ බවට දැන් පැතිරෙන ඡායාරූප පෙළ හුදෙක් එල් ටී ටී ඊ අනුගාමිකයන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. ඉන්දියාව වෙත පැහැදිලි කිරීමක් සිදුකරමින් මහකොමසාරිස්වරයා සඳහන් කළේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන් ආරක්ෂක හමුදා සහ එල් ටී ටී ඊ ය අතර වෙඩි හුවමාරුවකින් මියගිය බව තහවුරු වී ඇති බවයි. මේ නිසා ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන පරිදි ඒ පිළිබඳ කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මහකොමසාරිස්වරයා අවධාරණය කළා.

එමෙන්ම, යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැක ගැනීමට ඉන්දීය දෙමළ නායකයන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ දැන් ඊලාම් සංකල්පයක් නොමැති අතර එය තමිල්නාඩුවට පමණක් සීමා වී ඇති බව ඔහු සඳහන් කළා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඡන්දය ප්‍රකාශය කළ යුතු ආකාරය පිළිබඳව ඉන්දියාව වෙත උපදෙස් දීමට අපට හැකියාවක් නැහැ. එහෙත්, එය කලාපීය බලවතෙකුගේ වගකිව යුතු තීරණයක් බව මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

මේ අතර, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ මරණය ගැන විදෙස් මාධ්‍ය වෙත පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළා.   
[MP3]s53867[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories