ශ්‍රී ලංකාව නිසා ඉන්දීය පාර්ලිමේන්තුව උණුසුම්.

Friday, 22 February 2013 - 18:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් තමිල්නාඩුවේ දේශපාලන දෙකක නියෝජිතයන් අද (22) එරට පාර්ලිමේන්තුවේ දී විරෝධතාවක නිරත වුණා. මෙම තත්ත්වය නිසා ඉන්දීය පාර්ලිමේන්තුව ලෙස සැලකෙන ලෝක් සභාවේ මෙන්ම එරට රාජ්‍ය සභාවේ ද කටයුතුවලට බාධා එල්ල වූ අතර, ඒවා අද (22) පෙරවරුවේ පැය කිහිපයකට කල් තබනු ලැබුවා. ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතා පළ කර ඇත්තේ කරුණානිධිගේ ඞී.එම්.කේ. සහ ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂවල මන්ත්‍රීවරුන්.

 

චැනල් ෆෝ නාලිකාව මගින් පළ කළ තහවුරු කළ නොහැකි කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යනුවෙන් හැඳින්වෙන බාලචන්ද්‍රන්ගේ මරණය සම්බන්ධයෙන් වන ඡායාරූප ද රැගත් මෙම මන්ත්‍රීවරුන් ලෝක් සභාවේ සභා ගර්භය හරහා ගමන් කර තිබෙනවා. ඒ, පෙළපාලියක ආකාරයෙන්. ඊයේ (21) දිනයේ ද ඉන්දීය ජනාධිපතිවරයාගේ පළමු කතාව පාර්ලිමේන්තුවේ සිදුවන මොහොතේ මෙලෙස කරුණානිධිගේ සහ ජයලලිතාගේ පක්ෂවල මන්ත්‍රීවරුන් විරෝධතාවල නිරත වනු දක්නට ලැබුණා. රාජ්‍ය සභාවේ කරුණානිධිගේ සහ ජයලලිතාගේ පක්ෂවල මන්ත්‍රීවරුන් ද මෙලෙසින්ම විරෝධතාවයේ නිරත වූ බව සඳහන්.

 

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද අද (22) අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හමුවී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට මානව හිමිකම් සමුළුවේදී සහාය දැක්විය යුතු බවයි.

 



මේ අතර, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් නිරූපණය කරන බවයි. ලිපියේ අඩංගු කරුණු පිළිබදව තොරතුරු දැන ගැනීමට අප දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී සම්බන්ධ කර ගත්තා.

 

[MP3]s53912_1[/MP3]                                                                                            

 

හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන සතියේ පිටු 140කින් යුත් වාර්තාවක් එළිදැක්වීමට නියමිතව බව අන්තර් ජාල වාර්තා ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අපහාස වන ආකාරයේ වාර්තා ඇතුළත් කරමින්. එම සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ බ්‍රැඞ් ඇඩම්ස් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ද දැනුවත් කරන බවයි.

 

ලබන මාර්තු මාසයේ දී ජිනිවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ කතාබහ ඇතිවෙමින් තිබෙනවා. අද (22) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ ජිනිවා අභියෝගයට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් රජය ඉදිරිපත් කළ යුතු බවයි.

 

[MP3]s53912_2[/MP3]                                                                        

 

කෙසේ වෙතත්, පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවයි.

 

[MP3]s53912_3[/MP3]                                                         

 



මේ අතර, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පසුගිය දා අදහස් දැක්වූයේ හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ද සඳහන් කරමින්. එහෙත්, මානව හිමිකම් කොමසාරිස්වරිය ගත් තීරණය වැරදි බවයි ගෝල්ඩන් කී සියලූ තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිනී දුශාන්ති හපුගොඩ ප්‍රකාශ කළේ.

 

[MP3]s53912_4[/MP3]                                                                            

 

කෙසේ වෙතත්, සියලූ අභියෝගවලට අවබෝධයෙන් මුහුණදීමට රජය සූදානම් බව ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

 
[MP3]s53912_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories