ඉන්ධන මිල ඉහළට. - පෙට්‍රල් රු. 3යි. ඞීසල් රු. 6යි.

Saturday, 23 February 2013 - 7:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.+3%E0%B6%BA%E0%B7%92.+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.+6%E0%B6%BA%E0%B7%92.

ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්ටේන් 90 සහ 95 යන පෙට්‍රල් වර්ග දෙකෙහිම මිල රුපියල් 3 බැගින් ඉහළ නංවන බවයි. ඞීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ නැංවෙන අතර සුපර් ඞීසල් ලීටරයක් ඉහළ නැංවෙන්නේ රුපියල් 3කින්. කාර්මික භූමි තෙල් ලීටරයක මිල ද රුපියල් 4කින් ඉහළ නැංවෙනවා. නව මිල සංශෝධනය අනුව රුපියල් 159ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා ඉහළ යන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 170 දක්වා ඉහළ යනවා. ඞීසල් ලීටරයක නව මිල රුපියල් 121ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145ක්. කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115 දක්වා ඉහළ නැංවෙනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදායි. එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් ද ඉහළ නැංවුණු අතර භූමි තෙල් මිල ද රුපියල් 10කින් ඉහළ නැංවුණා.

 

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය සමග සාකච්ඡාවකට එක්වූ විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (22) ප්‍රකාශ කළේ විදුලිබිල ද ඉදිරියේ දී ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා පැවැත්වෙන බවයි.

 
[MP3]s53939[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories