අයි. ඕ.සී තෙල් මිලත් ඉහළට.

Saturday, 23 February 2013 - 13:28

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ලංකා අයි. ඕ.සී. පෙට්‍රල් මිල ද ලීටරයකට රුපියල් 3කින් ඉහළ නංවා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 3කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව ඉහළ නංවනු ලැබූ අයි. ඕ.සී. නව පෙට්‍රල් මිල ද අද සිට ක්‍රියාත්මක වනු ඇති. කෙසේ නමුත්, අයි. ඕ.සී. ඞීසල් මිල ඉහළ නැංවෙන්නේ නැහැ. වැඩි කරන ලද සී.පී.සී. ඞීසල් මිල අයි. ඕ.සී. වත්මන් ඞීසල් මිල හා සැසදෙන බවයි ලංකා අයි. ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් දක්වාලේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්ටේන් 90 සහ 95 යන පෙට්‍රල් වර්ග දෙකෙහිම මිල රුපියල් 3 බැගින් ඉහළ නංවන බවයි. ඞීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ නැංවෙන අතර සුපර් ඞීසල් ලීටරයක් ඉහළ නැංවෙන්නේ රුපියල් 3කින්. කාර්මික භූමි තෙල් ලීටරයක මිල ද රුපියල් 4කින් ඉහළ නැංවෙනවා. නව මිල සංශෝධනය අනුව රුපියල් 159ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා ඉහළ යන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 170 දක්වා ඉහළ යනවා. ඞීසල් ලීටරයක නව මිල රුපියල් 121ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145ක්. කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115 දක්වා ඉහළ නැංවෙනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදායි. එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් ද ඉහළ නැංවුණු අතර භූමි තෙල් මිල ද රුපියල් 10කින් ඉහළ නැංවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories