ඉන්දු - ලංකා ධීවර ගැටුම ගැන සාකච්ජාවක් කච්චතිව් හිදී.

Saturday, 23 February 2013 - 19:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93.


ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ කච්චතිව් දූපතේදී පැවැත්වෙන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා. ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයන්ගේ සහභාගිත්වයෙන් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (23) ඇරඹීමට නියමිතයි. මේ සඳහා ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවරයන් දස දහසක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ වනවිටත්, කච්චතිව් දූපතේ මංගල්‍යයට සහභාගිවීමට ඉන්දියාවේ චෙන්නායි, ටියුටිකොරීන්, කන්‍යා කුමාරි සහ ටි‍්‍රචී යන දකුණු ඉන්දීය ප්‍රදේශවලින් ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලාංකික ධීවරයන් මෙන්ම, කතෝලික බැතිමතුන් විශාල පිරිසක් ද පැමිණෙමින් සිටින බව සඳහන්. අද රාත්‍රියේ සිදුකෙරෙන සාකච්ජාවේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයින් මුහුණදෙන ගැටළු පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ.

[MP3]s53986_1[/MP3]

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයට පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සපයා ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s53986_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories