ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට - ධීවරයින් පැරණි මිලටම ඉන්ධන ඉල්ලයි.

Saturday, 23 February 2013 - 19:13

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

සහනාධාර මත තවදුරටත් ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව ඛනිඡ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව යම් තරමකින් හෝ පියවා ගැනීම සඳහා මෙලෙස ඉන්ධන මිල ඉහල නැංවූ බවයි.

[MP3]s53989_1[/MP3]

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බජට් ටැක්සි ත්‍රිරෝද රථවල ගාස්තු ද පළමු කිලෝමීටරය සඳහා රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා. සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50 ක මුදල මේ අනුව, රුපියල් 60 දක්වා අද සිට ඉහළ නැංවූ බවයි.

[MP3]s53989_2[/MP3]

කෙසේ වෙතත්, සමස්ථ ලංකා ත්‍රිරෝද රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ තමන් ජනතාවට දරා ගත හැකි මුදලකින් පමණක් ගාස්තු වැඩිකරන බවයි. ඒ පිලිබඳව පැහැදිලි කරන එම සංගමයේ සභාපති ජේ.එස්.ජයරුක්.

[MP3]s53989_3[/MP3]

වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව බස් සංගම් දැනටමත් ප්‍රකාශ කර අවසන්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියාසිටියේ බස් සමාගම් කිහිපයක් සමග හෙට (24) දිනයේදී සාකච්ඡා කර මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.

[MP3]s53989_4[/MP3]

මේ අතර, දැනට ලබා දෙන ඉන්ධන සහනාධාරය නවතා, පසුගිය 2012 වසරේ පෙබරවාරි මස 12 වැනි දිනට පෙර පැවති මිලට ඉන්ධන ධීවරයන්ට ලබා දෙන ලෙස ධීවර සංවිධාන එකමුතුව ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන එම එකමුතුවේ කැඳවුම්කරු ප්‍රසන්න අබේවික්‍රම.

[MP3]s53989_5[/MP3]

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 3කින් ද ඞීසල් ලීටරයක මිල රුපියල් 6කින් සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ නංවනු ලැබුවා. එමෙන්ම, ලංකා අයි. ඕ.සී. පෙට්‍රල් මිල ද ලීටරයකට රුපියල් 3කින් ඉහළ නංවා තිබෙනවා. කෙසේ නමුත්, අයි. ඕ.සී. ඞීසල් මිල ඉහළ නැංවෙන්නේ නැහැ. නව මිල සංශෝධනය අනුව රුපියල් 159ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා ඉහළ යන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 170 දක්වා ඉහළ යනවා. ඞීසල් ලීටරයක නව මිල රුපියල් 121ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145ක්. කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115 දක්වා ඉහළ නැංවෙනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories