ලක්ෂ ගණන් බැතිමතුන් සිරිපා කරුණාවේ.

Sunday, 24 February 2013 - 12:52

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

දීර්ඝ සති අන්ත නිවාඩුවක් පැමිණීමත් සමගම ශ්‍රී පාදය වැද පුදා ගැනීම සඳහා ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා. මේ නිසා ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. කලූතර සිට ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට පැමිණි 66 හැවිරිදි පුද්ගලයෙකු ඉදිකටුපාන ප්‍රදේශයේ දී හදිසියේ රෝගාතුරවීමෙන් ඊයේ (23) ජීවිතක්ෂයට පත්වුණා.  ඔහුගේ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණීමත් සමගම විශේෂ රථවාහන සැලැස්මක් ද පොලීසිය විසින් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ.

[MP3]s54025_1[/MP3]

කෙසේ වෙතත්, ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ අවදානම් සහිත ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙසයි.

[MP3]s54025_2[/MP3]

[JPG]s54025_1[/JPG]

[JPG]s54025_2[/JPG]

[JPG]s54025_3[/JPG]

[JPG]s54025_4[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories