දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 5 ක් ජිනීවා නුවරට.

Sunday, 24 February 2013 - 18:50

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7.


ස්විස්ර්ලන්තයේ ජිනීවා නුවරදී හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් සහභාගිවීමට නියමිතව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අෙඩෙක්කලනාදන්, පී. අරියනේත්‍රන්, එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් 5 දෙනාගෙන් යුත් කණ්ඩායම මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහභාගිවන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පැවසුවේ. දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටලූ සහ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි සෙල්වම් අෙඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

 
[MP3]s54049[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories