මාතලේ සමූහ මිනී වල ගැන ජගත් සංවිධාන පරීක්ෂණයක් ඉල්ලයි.

Sunday, 24 February 2013 - 19:21

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය, ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට අදාළ යෝජනාව ඔවුන් විසින් දැනටමත් ජගත් සංවිධානය වෙත යොමුකර ඇති අතර එළඹෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරයේදී එය සාමාන්‍ය විවාදය යටතේ සාකච්ඡාවට ගැනෙනු ඇති. මෙම ඉල්ලීම කර ඇති ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය, ආසියානු මානව හිමිකම් කොමිසමට අනුබද්ධිත ආයතනයක්. තම යෝජනාව ඉදිරිපත් කරමින් ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ කිසියම් අපරාධයකට නතුවූ පිරිසක් මාතලේ සමූහ මිනී වලේ වළදමා ඇති බවට සැළකිය හැකි බවයි. මේ පිළිබඳව සිංගප්පූරුවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දක්වමින් ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ බැසිල් ප්‍රනාන්දු කියා සිටියේ සමූහ මිනී වලෙන් හමුවූ ඇටසැකිලි පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර සත්‍ය තහවුරු කරගැනීම සුදුසු බවයි.

[MP3]s54055[/MP3]

මාතලේ සමූහ මිනී වල පිළිබඳව රජය පවත්වන පරීක්ෂණවලට විශේෂඥ සහය ලබාදීමට ජගත් සංවිධානයෙහි අතුරුදන් කරවීම පිළිබඳ ක්‍රියාකාරී කමිටුව පියවර ගතයුතු බවද ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය සිය යෝජනාවෙන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා. තාක්ෂණික උපකරණ මෙන්ම මූල්‍යාධාරද මේ සඳහා ලබාදිය යුතු බවයි ඔවුන් තම යෝජනාවෙහි තවදුරටත් දක්වා ඇත්තේ.

මාතලේ රෝහල් භූමියේ ජීව වායු ඒකකය ඉදි කිරීමට බිම් සකස් කිරීමේදී මෙම සමුහ මිනීවල හමුවූයේ පසුගිය වසරේ නොවැම්බර් මස 23 වැනිදායි. පසුගිය 12 වැනි දින මාතලේ සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම් කටයුතු අවසන් වුණා.  කැණීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් 154 ක් හමුවූ අතර ඉන් 141 ක්ම හිස් කබල් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories