ඇමති මහින්ද සමරසිංහ අද ජිනීවා නුවරට.

Monday, 25 February 2013 - 7:33

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ අද (25) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. අමාත්‍යවරයා සමග ඊට සහභාගි වන කණ්ඩායමේ තවත් නිලධාරින් තුන් දෙනෙකු අද දිනයේ දිවයිනෙන් නික්ම යාමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් තුන් දෙනෙකු මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය සඳහා පිටත්ව යනු ඇති. මේ වනවිටත් විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනෙකු ජිනිවා නුවරට ගොස් සිටිනවා. අමාත්‍ය මහින්ද සමරසිංහ ලබන බදාදා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතනු ඇති. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 යි 20 ටයි. පශ්චාත් යුධ සමයේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරයත් අමාත්‍යවරයා විසින් මෙහිදී ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව, පසුගිය ජිනීවා මානව හිමිකම් සැසියේදී ලක් රජයට ලබා දුන් පොරොන්දු ඉටු කර ඇති ආකාරය ද අමාත්‍ය මහින්ද සමරසිංහ සිය දේශනය මගින් පෙන්වා දීමට නියමිතයි. සමුළුව අතරවාරයේදී තවත් නියෝජිතයන් තිදෙනෙකු  ඊට සම්බන්ධ වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා එය නියෝජනය කරමින් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති රවීනාත් ආරියසිංහ ද ඊට සම්බන්ධවීමට නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories