කාටූන් වීරයන් වෙනුවට ජාතික වීරවරයන්. - ජනපති.

Monday, 25 February 2013 - 19:49

%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


කාටූන් වීරයන් වෙනුවට රට ජාතිය ආගම වෙනුවෙන් කැප වූ ජාතික වීරයන් පිළිබද දරුවන්ට කියා දිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඇහැලියගොඩ - කලටුවාව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට අද (25) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. රට සංවර්ධනය කරා ගෙන අතරම දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබාදීම ද රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ. එමෙන්ම සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට අනිවාර්යෙන්ම හිමි විය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

[MP3]s54116[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories