ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා යලි ඇරඹේ.

Tuesday, 26 February 2013 - 14:02

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

ඉරානයේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් කසක්ස්ථානයේ අල්මාටි නුවර දී අද (26) ආරම්භ වනවා. 2012 වසරේ ජුනි මාසයේ දී න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු සාකච්ඡා වටය මෙයයි. මෙහිදී ඉරාන නියෝජිතයන් එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, චීන, රුසියානු සහ ජර්මානු නියෝජිතයන් සමග සාකච්ඡා කරනු ඇති. ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල තුළින් න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවට බටහිර රටවල් චෝදනා කරනවා. එහෙත් ඉරානය කියා සිටින්නේ සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බලශක්තිය උදෙසා ක්‍රියාත්මක වන බවයි. කෙසේ නමුත් 2010 වසරේ සිට ඉරානය යුරේනියම් න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීම වේගවත් කළා. එය න්‍යෂ්ටික අවි නිපදවීමේ මූලික පියවර ලෙසයි සැලකෙන්නේ. සැක කටයුතු න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන සම්බාධක හේතුවෙන් එරට ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories