ජාත්‍යන්තරයෙන් කොන් කරන්න එපා. - ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර.

Wednesday, 27 February 2013 - 7:57

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.

අමාත්‍ය මහින්ද සමරසිංහ ජිනිවා නුවර පැවැත්වෙන 22 වන මානව හිමිකම් මණ්ඩල සැසි වාරය අද (27) ඇමතීමට නියමිතයි. ජගත් මානව හිමිකම් සැසි වාරය ජිනිවා නුවර දී පෙරේදා ආරම්භ වු අතර, මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ආරම්භක දේශනයේ දීම ශ්‍රී ලංකාව පිළිබද සදහනක් කිරීම විශේෂත්වයක්. ඉන් අනතුරුව එළැඹුනේ එක් එක් රටවල් පිළිබද ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වටයයි.

 

මේ අතර ඇමරිකාවද ඊයේ (26) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රකාශයක් සිදුකළා. ඒ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන වාර්තාව ක්‍රියාත්මක කර නොමැති බව සඳහන් කරමින්.

 

ඇමරිකාව සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ ඇමරිකාව සිදුකළ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හුදෙකලා කර ඇති බවයි. එමෙන්ම එම ප්‍රකාශය තුළ විනිවිදභාවයක් සහ ප්‍රතිපත්තිමය කරුණු නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුටත් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව අවුරුදු 30ක යුද්ධයක් නිමා කොට සාර්ථකව ජාතින් අතර එකමුතුව ගොඩනගමින් සිටින රටක් ලෙස මෙවැනි චෝදනා එල්ල කිරීම උචිත නොවන බවයි එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සිදුකරන මෙම ප්‍රකාශ තුළින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ සමබරතාවයට ද හානි සිදුවන බවයි ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සිය නිවේදනයේ තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

 



මේ අතර, මානව හිමිකම් සැසිවාරයට සමගාමීව චැනල් 4 නාලිකාව ද ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝපටයක් නිර්මාණය කර තිබෙනවා. එය මාර්තු 1 වැනිදා ජිනීවා හි ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එය වළක්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව ඉල්ලීමක් ද සිදුකළා.

 

හියුමන් රයිට්ස් වොච් ආයතනයද මානව හිමිකම් සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙරට ආරක්ෂක අංශ වදහිංසා පමුණුවා රැඳවියන්ගෙන් තොරතුරු ලබාගත් බවයි. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අදාල චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

 

[MP3]s54188[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories