ක්‍රීඩාවට පෙර දරුවන්ගේ ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කරන්න. - ජනපති.

Wednesday, 27 February 2013 - 12:45

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

පාසල් දරු දැරියන් ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් කිරීමට පෙර ඔවුන්ව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට යොමුකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන්නා. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල් දරු දැරියන් යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ද ලබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් බවයි. ක්‍රීඩා තරග සඳහා සහභාගි වී සිටියදී, පාසල් දැරියන් දෙදෙනෙකු පසුගියදා හදිසියේ මියයාමේ සිද්ධීන් වාර්තා වුණා. ඊයේ දිනයේදී මෙවැනි අවාසනාවන්ත පුවතක් වාර්තා වුණේ අරණායක - රිවිසඳ ජාතික පාසලෙන්. මෙම සිද්ධීන් සැලකිල්ලට ගෙනයි ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම උපදෙස් ලබාදී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

[MP3]s54210_1[/MP3]

අරණායක රිවිසඳ ජාතික පාසලේ ඉගෙනුම ලබන 18 හැවිරිදි හෂිනි අනූෂා කුමාරි  ශිෂ්‍යාව හදිසියේම ජීවිතක්ෂයට පත්වූයේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 බාලිකා තරගයකට සහභාගිවෙමින් සිටියදීයි. කෙසේ වෙතත්, තරගයට පෙර ඊට සහභාගි වූ දරු දැරියන් ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කළේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය රිවිසඳ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති මොහොමඞ් සකරියාගෙන් විමසීමක් කළා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s54210_2[/MP3]

කෙසේ වෙතත්,  ඕනෑම දරුවෙකු ක්‍රීඩා ඉසව්වකට සහභාගි කරවීමට පෙර ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කළ යුතු බවයි ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන ද සිල්වා කියා සිටියේ.

[MP3]s54210_3[/MP3]

මියගිය හෂිනි අනූෂා කුමාරිගේ දේහය අරණායක - රහල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදුකරනු ලැබුවේ කෑගල්ල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා විසින්. එහිදී ඔහු මරණයට හේතුව ප්‍රකාශ කර නැහැ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවයි. මියගිය දැරියගේ අක්ෂි පටක පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඇයගේ අභ්‍යන්තර ශරීර කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.  එම පක්ෂණයේ වාර්තාව ලැබීමෙන් අනතුරුව මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories