ඉන්දීය රාජ්‍ය සභාවේ ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයක්.

Wednesday, 27 February 2013 - 12:48

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

[MP3]s54211_1[/MP3]

අමාත්‍ය මහින්ද සමරසිංහ ජිනිවා නුවර පැවැත්වෙන 22 වන මානව හිමිකම් මණ්ඩල ඉහළ පෙලේ සැසි වාරය අද ඇමතීමට නියමිතයි. ජගත් මානව හිමිකම් සැසි වාරය ජිනිවා නුවර දී පෙරේදා ආරම්භ වු අතර, මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය ආරම්භක දේශනයේ දීම ශ්‍රී ලංකාව පිළිබද සඳහන් කිරීම විශේෂත්වයක්. ඉන් අනතුරුව එළැඹුනේ එක් එක් රටවල් පිළිබද ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වටයයි. ඒ අනුව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 යි 20 ට අමාත්‍ය මහින්ද සමරසිංහ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අමතනු ඇති.

එමෙන්ම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද ඉන්දීය රාජ්‍ය සභාවේ විවාදයක් ද පැවැත්වුණා. ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් මණ්ලයට ඉදිරිපත් කළ යෝජනාව එහිදී විවාදයට ගන්නා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කරන තමිල්නාඩු මන්ත්‍රීවරුන් විසින් මෙම විවාදය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පාලක ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් ද විවාදයේදී අදහස් දැක්වීමට නියමිතයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජිනීවා මානව හිිමිකම් සමුළුව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අගතිදායක තත්ත්වයක් නිර්මාණය වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු සමස්ථ ආණ්ඩුවම භාර ගත යුතු බවයි එම නිවේදනයේ පෙන්වා දෙන්නේ.

එමෙන්ම, එවැනි අගතිදායක තත්ත්වයක් ඇතිවුවහොත් අවසානයේ වන්දි ගෙවන්නට සිදුවන්නේ ආණ්ඩුවට නොව මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති අහිංසක ජනතාවට ද බව ද එහි සඳහන්.

හියුමන් රයිට්ස් වොච් ආයතනයද මානව හිමිකම් සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මෙරට ආරක්ෂක අංශ වදහිංසා පමුණුවා රැඳවියන්ගෙන් තොරතුරු ලබාගත් බවයි. මේ පිළිබඳව  ඕස්ට්‍රේලියාවේ    ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙම වාර්තාව සකස් කර ඇති බව ද ඉන් ශ්‍රී ලංකාවට හානියක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ. යුද්ධය පැවති අවසාන සමයේ ශ්‍රී ලංකා හමුදාව අතින් මෙවැනි හිංසා සිදුනොවනු බව ද අද්මිරාල් තිසර සමරසිංහ වැඩිදුරටත් පවසනවා.

[MP3]s54211_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories