පාසිකුඩා සිද්ධිය ගැන ඇමති මෛත්‍රීපාල පළමුවරට කථා කරයි.

Wednesday, 27 February 2013 - 12:55

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මඩකලපුව - පාසිකුඩා වෙරළතීරයේදී ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා විසින් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත්‍රයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද (27) පළමුවරට මාධ්‍ය වෙත ප්‍රසිද්ධියේ අදහස් පළ කලා. ඔහු විසින් එහිදී හිරු ප්‍රවෘත්ති සහ අනෙකුත් මාධ්‍ය ආයතන රැසක්ම දැඩි විවේචනයට ලක් කරනු ලැබුවා.

මේ ඔහු හිරු ගැන පළ කළ අදහසයි.

[MP3]s54212_1[/MP3]

පාසිකුඩා මුහුදු වෙරළේදී මෙම පහරදීමේ සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 24 වැනිදා පස්වරුවේයි. එහිදී වාර්තාවූයේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයෙකු වන දහම් සිරිසේන, ඇතුළු පිරිසක් මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහරදී දැඩි තුවාල සිදුකළ බවයි.

සිද්ධිය හිරු වෙත පැහැදිලි කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාර.

[MP3]s54212_2[/MP3]

කෙසේ වෙතත් පහරදීම සම්බන්ධයෙන් ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා ඇතුළු තවත් 13 දෙනෙකු 24 වැනිදා දිනයේම පොලිස් අත්අඩංගුවට ගැණුනා. එහි විශේෂත්වය වූයේ එදිනම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමයි. එහෙත්, මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා අවධාරණය කළේ මෙවැනි බරපතල සිද්ධියකදී පහරකෑමකට ලක්වූ පුද්ගලයා රෝහල් ගතවී ඇත්නම් මෙසේ පොලිස් ඇප ලබාදීම කළ නොහැකි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ පුත්‍රයා සමග කථාබහකළ බව අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

[MP3]s54212_3[/MP3] 

අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී හිරු ඇතුලූ මාධ්‍ය ආයතන රැසකට චෝදනා එල්ල කළත් සිද්ධිය වූ දින සිට අද වනතුරු අමාත්‍යවරයා හෝ ඔහුගේ පුත්‍රයා හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකු හෝ සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශයට හැකියාව ලැබුණේ නැහැ. 0112 69 71 84, 027 22 23 127 , 0718 31 73 17 යන අමාත්‍යවරයාගේ දුරකතන අංකවලට අප ඇමතුම් රැසක් ලබාදී තිබෙනවා. එමෙන්ම, ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ඇමති පුත්‍රයා වන දහම් සිරිසේනගේ අංකයක් ද අප වෙත ලබා දුන්නා. 0716 45 44 42 යන දුරකතන අංකයෙන් ද ප්‍රතිචාරයක් නොමැති නිසා අප අමතන ලෙස ඊට කෙටි පණිවුඩයක් ද අප යොමුකර තිබෙනවා. එහෙත් අද වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

කෙසේ වෙතත් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන අද කියා සිටි ප්‍රධාන කරුණු සියල්ල අප මෙසේ වාර්තා කරනවා. ඔහු සඳහන් කළේ තම දේශපාලන ප්‍රතිරූපයට පහරදීමට උත්සාහ කරන බවයි.

[MP3]s54212_4[/MP3]
 
රටේ දරුවන් පිළිබඳව ද අද ඔහු පළ කළ අදහසයි මේ.

[MP3]s54212_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories