නවිපිල්ලෙට ඇත්තේ රහසිගත න්‍යාය පත්‍රයක්. ජිනීවා සමුළුවේදී ලක් රජයෙන් චෝදනා.

Thursday, 28 February 2013 - 7:38

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ වගකීමකින් තොරව කටයුතු කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ජිනීවා නුවර පැවැත්වෙන  22 වැනි මානව හිමිකම් සැසිවාරය ඊයේ පස්වරුවේ අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමසාරිස්වරිය රහසිගත න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවයි.


[MP3]s54261_1[/MP3]

මේ අතර දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් රොබට්  ඕ බ්ලේක් ද වොෂිංටනයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිටුපසට ගමන් කරමින් පවතින බවයි. සංහිදියාව ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකා රජය මන්දගාමී අයුරින් ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් පැවති මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ලවන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා පවසනවා. කෝට්ටේ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

[MP3]s54261_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories