ශුද්ධෝත්තම පාප් වහන්සේ අද ධුරයෙන් සමුගනියි.

Thursday, 28 February 2013 - 7:57

%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92.



ශුද්ධෝත්තම 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාප් වහන්සේ වතිකානුවෙන් අද නික්ම යනු ඇති බවයි වාර්තාවන්නේ. ඊයේ පාප් වහන්සේ විසින් ශාන්ත පීතර චතුරශ්‍රයේදී කතෝලික බැතිමතුන් එක්ලක්ෂ 50 000 ක් පමණ අමතනු ලැබුවා. එහිදී උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමන් 85 වැනි වියෙහි පසුවන හෙයින් තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීම සුදුුසු නොවන බවයි.  ලොව පුරා බිලියන 1 යි දශම 2 ක් වූ කිතුනුවන්ගේ ජීවමාන ආගමික නායකයා වූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 11 වැනිදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories