ලෙබනනයේදී මව සහ දියණියක් හදිසියේ මියයාම ගැන පරීක්ෂණයක්.

Thursday, 28 February 2013 - 12:54

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ලෙබනන් හි සේවයේ නියුතුව සිටියදී මවක් සහ දියනියක් හදිසියේ මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කඩිනම් පරීක්ෂනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ මූලික වාර්තාව ඉදිරි පැය 24 තුළ ලබාදෙන ලෙස ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ.

[MP3]s54283[/MP3]

ලෙබනන් හි බීරූට් නගරයේ සේවයේ නියුතුව සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි මවක් සහ 37 හැවිරිදි ඇයගේ දියණිය හදිසියේ ජීවිතක්‍ෂයට පත්වීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. මව පසුගිය 15 වැනිදා අසනීප වී බීරූට් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර දියණිය 17 වැනිදා රෝහල් ගත කර තිබෙනවා. අනතුරුව ඔවුන් ජීවිතක්ෂයට පත්වුණා. මූලික වාර්තාවල දැක්වුණේ මොවුන් සෙම් රෝගයක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි. කෙසේ වුවද එම මරණ සැකසහිත බවට පවුලේ ඥාතීන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවයි මේ සම්බ්නධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කාර්යාංශය තීරණය කළේ.

මේ අතර රිසානා නෆීක් ගේ සිද්ධිය සම්බන්ධයෙන් වූ ක්‍රියාදාමය නිසි පරිදි ඉටුනොවූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 14 දෙනෙකු පසුගිය 19 වැනිදා විශ්වාසභංගයක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදුන්නා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන දිනය ලබන සතියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories