පානදුරේ නිවසක තිබී මළ සිරුරු 3 ක් සොයාගැනේ.

Thursday, 28 February 2013 - 12:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.



පානදුර - සාගර මාවතේ පිහිටි නිවසක තිබී පුද්ගල මළ සිරුරු 3 ක් සොයාගෙන තිබෙනවා. සොයාගත් එම මළ සිරුරු එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවාගේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙම නිවස අසලින් දුගඳක් හමන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පානදුර - දකුණ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් නිවස පරීක්ෂා කළ අවස්ථාවේදි මෙම මල සිරුරු දක්නට ලැබුණු බවයි එම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පිරිමි පුද්ගලයා ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. කාන්තාවගේ මළ සිරුර නිවසේ පුටුවක තිබී සොයාගෙන ඇති අතර කුඩා දරුවාගේ මළ සිරුර ඇඳක් මත තිබී හමුවූ බව පානදුර - දකුණ පොලීසිය කියා සිටියා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට  ආරම්භ වී ඇති අතර මියයාමට හේතුව මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories