චිත්‍රපට සංස්ථාවට පැනවූ වාරණය ඉවතට.

Thursday, 28 February 2013 - 13:17

%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

චිත්‍රපටයක මංගල දර්ශනය පිටපත් 35 කට සීමා කිරීම අත්හිටුවමින් අධිකරණය ලබාදුන් වාරණ නියෝගය අද ඉවත් කලා. පිටපත් 35 කට සීමා කිරීමේ කොන්දේසිය පනවා තිබුනේ ජාතික චිත්‍රපට සංස්ථාවයි. ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබුණේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක විසින්.

චිත්‍රපටයක මංගල දර්ශනය පිටපත් 35 කට සීමා කිරීමෙන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සහ කර්මාන්තයට බලපෑමක් වන බවයි චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානයක සිය පෙත්සමෙන් පවසා තිබුණේ. එහෙත් කොලඹ දිසා අධිකරණය අද දිනයේ අදාල කොන්දේසිය අත්හිටුවමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කළා.


අධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව පැහැදිළි කරන චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ අශෝක සේරසිංහ.

[MP3]s54292[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories