සිගරට් රූපමය අවවාද නීතිය කල්යයි.

Thursday, 28 February 2013 - 19:00

%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය, සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය ලබන මාර්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ඉල්ලා දුම්කොළ සමාගම ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම දැනුම්දීම සිදුකළේ.  

එහිදී දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ගැසට් පත්‍රය මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත හෙයින් තම ආයතනයට එදිනට පෙර නව ඇසුරුම් සකස් කිරීමට නොහැකි බවයි. එමෙන්ම ඇසුරුම් මත 80% ක කොටසක රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමේ ගැටළුවක් පවතින බවද එම නීතිඥවරයා පෙන්වා දුන්නා. එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ 80% වේ ගැටළුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවයි. ඒ සඳහා ලබන මාර්තු 28 වැනිදා නඩුව යළි කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඒ අනුව මාර්තු   28 වැනිදා දක්වා අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක නොකිරීමට තමන් කටයුතු කරන බවයි.

මීට පෙර දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රයට එරෙහිව දුම්කොළ සමාගම ගොනුකර තිබූ පෙත්සම පසුගිය පෙබරවාරි 22 වැනිදා අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

අද (28) නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

[MP3]s54305[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories