ආණ්ඩුව, හලාල් වගකීම භාර නොගනී.

Thursday, 28 February 2013 - 19:03

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%2C+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජය භාර ගැනීමට සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආගමකට අදාළ කටයුතු සඳහා රජය මැදිහත්වීම එතරම් සුදුසු නොවන බවයි.

[MP3]s54306_1[/MP3]        

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ නියෝජ්‍ය කළමනාකාර නෆීස් නිසාම්ගෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ හලාල් සහතික නිකුත් කිරීම රජය විසින් භාර නොගත්තද ඇතිව තිබෙන ගැටළුවට විසඳුමක් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි.

[MP3]s54306_2[/MP3]       

මේ අතර, අද (28) දිනයේද දේශපාලන වේදිකාවේ හලාල් සහතිකය සම්බන්ධයෙන් කතා බහට ලක්වුණා. මේ, මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

[MP3]s54306_3[/MP3]        

ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී හලාල් සහතිකය සම්බන්ධයෙන්  පක්ෂයේ මතය පැහැදිලි කළ එහි මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල්.
 
[MP3]s54306_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories