හියුමන් රයිට්ස් වොච් වාර්තාව රජය ප්‍රතික්ෂේප කරයි.

Thursday, 28 February 2013 - 19:53

%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මෙරටට පැමිණෙන ජාත්‍යන්තර රටවල නියෝජිතයින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවට කරුණු සපයා ගැනීමට මෙරටට පැමිණි නියෝජිතයින්ද එලෙස කටයුතු කර ඇති බවයි.

[MP3]s54308_1[/MP3]                  

මානව හිමිකම් සමුළුවට සමගාමීව හියුමන් රයිට්ස් වොච් ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවද අසත්‍යයක් බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ. එම වාර්තාව මගින් සඳහන් කර තිබුණේ මෙරට ආරක්ෂක අංශ වදහිංසා පමුණුවා රැඳවියන්ගෙන් තොරතුරු ලබාගත් බවයි.

මේ අතර, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව ගෙන එන යෝජනාවට සහයෝගය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳව ඉන්දීය රජය මෙතෙක් තීරණය කර නොමැති බවයි. කෙසේ වෙතත්,   ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට ඉන්දියාව සහය පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය භාර අමාත්‍යවරයා වූ   නාරායන් ස්වාමි ප්‍රකාශ කර තිබුණේ

එමෙන්ම, චැනල් ෆෝ නාළිකාව නිෂ්පාදනය කර ඇති නෝ ෆයර් සෝන් වීඩියෝ පටය මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රදර්ශනය නොකරන්නැයි ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට එම කවුන්සිලය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ තානාපති රෙමිගියුස් ඒ හෙන්සල් ප්‍රකාශ කර ඇත්තේ මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කළද ඊට නිල පිළිගැනීමක් හිමිනොවන බවයි.

කෙසේ වෙතත්, ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී   ශ්‍රී ලංකාව ජාත්‍යන්තර උගුලකට හසුකිරීමට ඇතැම් රටවල් උත්සාහ දරන බවයි. කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වු දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

[MP3]s54308_2[/MP3]

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර අද (28) පැවති රැස්වීමකදී පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේදී ගෙන එන යෝජනා ආණ්ඩුවට එරෙහි ඒවා බවයි.

[MP3]s54308_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories