එජාපයට එක් නායක ධුරයක් පමණයි.

Friday, 01 March 2013 - 7:35

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.



එක්සත් ජාතික පක්ෂයේ දැනට පවතින නියෝජ්‍ය නායක සහ උප නායක ධුරයන් අහෝසි කළ යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරන් පිරිසක් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබෙනවා. පක්ෂ නායක ධුරය පමණක් පක්ෂයේ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් වන බවයි එම මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ. විවිධ නම් වලින් නායක ධුර රැසක් ඇති කිරීමෙන් පක්ෂය තුළ අර්බුද නිර්මාණය වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ ඉදිරියේදී රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories