ශ්‍රී ලංකාව ගැන චැනල් ෆෝ වීඩියෝව අද ජීනිවාහිදී.

Friday, 01 March 2013 - 7:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93.

චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිෂ්පාදනය කර ඇති දෙවැනි වීඩියෝ පටය, නෝ ෆයර් සෝන් ජීනිවා නුවර ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. මානව හිමිකම් සැසිවාරයේ රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දී ඇති ඉඩකඩ අනුවයි එය මෙලෙස ප්‍රදර්ශනය කෙරෙන්නේ. ඊට ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ නිල වශයෙන් විරෝධය පළ කළා. ජගත් මානව හිමිකම් මණ්ඩල තානාපති රෙමිගියුස් ඒ හෙන්සල් වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා සිටියේ එම වීඩියෝ පටය ජිනීවාහි දී ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසයි.

ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට එම කවුන්සිලය ප්‍රතිචාර දක්වා තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ තානාපති රෙමිගියුස් ඒ හෙන්සල් ප්‍රකාශ කර ඇත්තේ මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කළද ඊට නිල පිළිගැනීමක් හිමිනොවන බවයි. මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මෙවැනි ප්‍රදර්ශනයන් සංවිධානය කිරීමට අවස්ථාව ලැබෙන බවත්, ඔහු සඳහන් කළා. එහෙත්, ඒවායේ අන්තර්ගතය පිළිබඳව වගකිව යුත්තේ, සංවිධාන කරන්නන් බව මානව හිමිකම් කවුන්සිලයේ තානාපතිවරයා අවධාරණය කළා. මෙම චැනල් ෆෝ වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම මානව හිමිකම් මණ්ඩලයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් බවයි ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේ. ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා සහභාගිවන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් වන එස්. ශ්‍රී ධරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ටී අරියනේන්ද්‍රන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අද ජිනීවා බලා පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට රජයට එරෙහිව අටවා ඇති ජීනිවා මර උගුල ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එම එකමුතුව විසින් කොළඹ දී ඊයේ සංවිධාන කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කළා.

 [MP3]s54323[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories