පාප් වහන්සේ වතිකානුවෙන් නික්මෙයි.

Friday, 01 March 2013 - 7:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ලොව පුරා කෝටි 120 ක් පමණ වන කිතුනුවන්ගේ අසහාය ආගමික නායකයාණන් වන 16වන බෙනඩික්ට් පාප්වහන්සේ පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වතිකානුවේ පාප් මැදුරෙන් ඊයේ නික්මුණා. වතිකානුවේ නිල රථ පෙලෙන් ගොස් හෙලිකොප්ටරයකට නැගුණු පාප් වහන්සේ පාප්වරුන්ගේ නිල විශ්‍රාම මැදුර වෙත ගොස් තිබෙනවා. අවසන් වරට බැතිමතුන් අමතමින්, 16 වන බෙනඩික්ට් පාප් තුමා අනාගත පාප්වහන්සේට ආශිර්වාද කළා. එමෙන්ම, මීළග පාප් වහන්සේ පත් කර ගන්නා කාදිනල්වරුන්ගෙන් තම නිල කාලය තුළ ලැබුණු සහය පිළිබඳව ද එතුමන් ස්තුතිය පළ කළා. වසර 600 කට පසුවයි පාප් වහන්සේ කෙනෙකු ලෙස සිය ධුරයෙන් ඉවත් වූයේ. පාප් පදවියෙන් ඉවත් වූ 85 හැවිරිදි පාප් වහන්සේ කියා සිටියේ තමා දැන් ලොව වටා අවසන් චාරිකාවේ නිරත වන හුුදු වන්දනාකරුවෙකු පමණක් බවයි. මීළග පාප් වහන්සේ පත් කර ගැනීමේ කාදිනල්වරුන්ගේ සමුළුව පැවැත්වෙන දිනය ලබන සඳුදා සිදුකෙරෙන ඔවුන්ගේ හමුවකදී තීරණය කෙරෙනු ඇති. නව පාප් වහන්සේ කෙනෙකු පත් කර ගැනීම සඳහා එම කාදිනල්වරුන් අතුරෙන් එක් අයෙකුට තුනෙන් දෙකක බහුතරයක ප්‍රසාදයක් හිමිවිය යුතුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories