කැළණිය ප්‍රා.ස විසුරුවා හැරීම අත්හිටුවමින් අධිකරණ නියෝගයක්.

Friday, 01 March 2013 - 12:38

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



කැළණිය ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය බස්නාහිර පළාත් මහ ඇමතිවරයාට අද (01) වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ, කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන විසින් කැඳවූ අවස්ථාවේදීයි. මීට අදාළ පෙත්සම අද (01) විභාගයට ගත් මහාධිකරණ විනිසුරුවරයා මහ ඇමති ප්‍රසන්න රණතුංගටද ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දැක්වු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හුසේන් මොහොමඞ්.

 
[MP3]s54351[/MP3]

බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග විසින් මෙම ඒක පුද්ගල විනිශ්චය සභාව පත්කර තිබුණේ කැළණිය ප්‍රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන ඳුෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමටයි.
              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories