පර්වේස් මුෂාරෆ් යළි පාකිස්තානයට.

Saturday, 02 March 2013 - 8:42

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් නැවතත් සිය රට පැමිණෙන බව ඊයේ (01) ප්‍රකාශ කළා. වසර 5ක් තිස්සේ පාකිස්තානයෙන් නික්මී සිටින මුෂාරෆ් දැනට ඩුබායි හි ජීවත් වනවා. තමන් ඉදිරි සති කිහිපය තුළ පාකිස්තානයට යළි පැමිණෙන බවත්, මැතිවරණයට තරග කිරීමට සූදානම් බවත්, මුෂාරෆ් ඊයේ කියා සිටියා. මැතිවරණයට ඉඩකඩ සලසමින් මාර්තු 16 වන දා වන විට අන්තර් වාර රජයක් පිහිටුවීමෙන් අනතුරුව තමා එලෙස පාකිස්තානයට පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ. බිඳ වැටී ඇති පාකිස්තාන ආර්ථිකය යළි ගොඩගැනීම තමාගේ ප්‍රමුඛ කාර්ය බව මුෂාරෆ් අවධාරණය කළා.

 

පසුගිය වසරේ දී ද ඔහු නැවතත් පාකිස්තානයට පැමිණීමට සැලසුම් කළ ද ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් පැවතීම නිසා පසුව එය අවලංගු කෙරුණා. 2008 වසරේ දී මුෂාරෆ් බලයෙන් ඉවත් වූ අතර එම වසරේ බලයට පැමිණි ජනාධිපති අසිෆ් අල් සර්ධාරිගේ රජය පාකිස්තානයේ සම්පූර්ණ නිළ කාලය නිම කරන ප්‍රථම සිවිල් රජයයි. ඔහුගේ නිළ කාලය මේ මස අවසන්වීමට නියමිතයි. සර්ධාරිගේ පුත් බිල්වාල් බූතෝ සිය මව වන බෙනාසීර් ඝාතනය කළ බවට චෝදනා කරන්නේ මුෂාරෆ්ටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories