චැනල් ෆෝ වීඩියෝවේ ඇත්ත හෙළි කරනවා. - ජිනිවා හි ශ්‍රී ලංකා තානාපතිගෙන් ප්‍රකාශයක්.

Saturday, 02 March 2013 - 12:40

%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජිනිවා හිදී ඊයේ ප්‍රදර්ශනය කෙරුණු ශ්‍රී ලංකාව පිළිබද චැනල් ෆෝ වීඩියෝ චිත්‍රපටය නෝ ෆයර් සෝන් හි රූප රාමු පිළිබද සත්‍ය කරුණු නුදුරේදීම හෙළිවනු ඇතැයි ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. ඒවායේ සත්‍ය අසත්‍යභාවය ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා දින ගණනක්, ඇතැම් විට සති ගණනාවක් ගත විය හැකියි. ජිනිවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චැනල් ෆෝ චිත්‍රපටය මානව හිමිකම් සැසියේදී ඊයේ (01) ප්‍රදර්ශනය කිරීමෙන් පසුව එහි රැස්ව සිටි පිරිස අමතමින්. කෙසේ නමුත් තානාපතිවරයා වීඩියෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අවස්ථාවේදී එහි නොසිටි බව රොයිටර් වාර්තාකරු සඳහන් කළා.

 
එහිදී ප්‍රේක්ෂක පිරිස ඇමතූ තානාපතිවරයා සඳහන් කළේ මෙවැනි තහවුරු නොකළ මූලාශ්‍රයන් උපයෝගී කරගෙන, කරුණු විකෘති කරමින්, අභූත චෝදනා නගමින් නිපද වූ චිත්‍රපටයක් මානව හිමිකම් සමුළුවේ ප්‍රදර්ශනය කිරීමට ඉඩකඩ සැලසූ කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙළෙසීමට උත්සාහ කර ඇති බවයි. චැනල් ෆෝ චිත්‍රපටය ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මණ්ඩලය තුළ මතයක් ගොඩ නැගීම සඳහා සැලසුම් කර ඉදිරිපත් කරන ලද්දක් බව ශ්‍රී ලංකාවේ අදහසයි. කෙසේ නමුත් වීඩියෝ ප්‍රදර්ශනය අවසානයේ අදහස් දක්වමින් දරුස්මාන් කමිටු සාමාජිකා දකුණු අප්‍රිකාවේ යස්මින් සූකා ප්‍රකාශ කළේ චිත්‍රපටයේ රූප රාමු බොහොමයක් සත්‍ය කරුණු ලෙස සැලකිය හැකි බවයි. ජගත් සංවිධාන මහලේකම්වරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කරුණු චැනල් ෆෝ වාර්තා චිත්‍රපටයෙන් තහවුරු කෙරෙන බවත් ඇය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories