අර්බුදය විසඳීමට ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයට කැඳවයි.

Sunday, 03 March 2013 - 18:51

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොකිරීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් තව සුළු මොහොතකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී, සනත් ජයසූරිය සහ ගිවිසුම් අත්සන් නොකළ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරයි. අද (03) පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කරුණු පැහැදිලි කළ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය.

[MP3]s54496_1[/MP3]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවති ගිවිසුම පසුගිය 28 වැනිදායින් අවසන් වුණා. ඉදිරි වර්ෂය සඳහා නැවත ගිවිසුම අත්සන් කිරීමට ඊයේ (02) දිනය වනතෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබුණා. කෙසේ වෙතත්, ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනතුරුත් එම වාර්ෂික ගිවිසුමට අත්සන් තබා නොමැති බව සඳහන්. නව ගිවිසුමට ක්‍රීඩකයන් තවත් කොන්දේසි ඉදිරිපත් කිරීම මීට හේතු වී තිබෙනවා.  

නව ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප්‍රතිශතයක් ක්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ක්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප්‍රතිශතයක් විය යුතු බවයි.
 
ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇති සියයට 67 ක මුදල ක්‍රීඩකයන්ට ලබා දුනහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට මසකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්නයි. ඒ අනුව, දළ වශයෙන් වසරකදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 500 කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. එමෙන්ම කනිෂ්ඨ ක්‍රීඩකයෙකුට මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් නව ගිවිසුම අනුව හිමිවනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 250 ඉක්මවනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳව මතය කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය තේරීම් කමිටු ප්‍රධානී සහ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වශයෙන් සනත් ජයසූරියගෙන් විමසීමක් කළා.


[MP3]s54496_2[/MP3]

මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග මාතර දී අද (03) ආරම්භ වුණු පුහුණු තරගය සඳහා නම් කර සිටි කුමාර සංගක්කාර කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබුවා. ඒ සංගක්කාර මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් නොකිරීම හේතුවෙන්. එමෙන්ම, යම් හෙයකින් අද (03) දිනය තුලදී ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් කිරීමට එකඟතාවය පළ නොකළහොත්, බංග්ලාදේශ තරගාවලිය සඳහා නවක කණ්ඩායමක් තෝරා ගැනීමට තමන් වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය තවදුරටත් සඳහන් කළා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 08 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories