ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහි වන අයුරු ගැන කරුණානිධි අවධියෙන්.

Monday, 04 March 2013 - 7:35

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරනවා. තමිල්නාඩු  හිටපු මහ ඇමති සහ ඞී.එම්.කේ. පක්ෂයේ නායක මුත්තුවේල් කරුණානිධි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ ලංකාවට එරෙහිව ඉන්දියාව කිසිදු අයුරකින් තනි යෝජනාවක් ගෙන ඒමට අවශ්‍ය නොමැති බවයි. ඇමරිකාව විසින් යෝජනාවක් ගෙන එන්නේ නම් එයට සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවයි ඞී.එම්.කේ. පක්ෂයේ නායක කරුණානිධි පෙන්වා දී ඇත්තේ. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකරන ආකාරය සම්බනධයෙන් තමිල්නාඩු ජනතාව අවධානයෙන් පසුවන බවද කරුණානිධි ඊයේ ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
 
මේ අතර ශ්‍රී ලංකාවට විරෝධය පළ කරමින් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. තමිල්නාඩු දෙමළ ජනතා සහජීවන ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂනය සංවිධානය කර ඇති බවයි වාර්තාවන්නේ. මීට අමතරව තමිල්නාඩු ප්‍රාන්තයේ කළු කොඩි ඔසවමින් ශ්‍රී ලංකාවට විරෝධය පල කිරීමට ඔවුන් සූදානම්  වන බවද  ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories