වායුගෝලයේ කැළඹිල්ලක්. යළි උතුරු මැදට වැසි.

Monday, 04 March 2013 - 12:50

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.



දිවයිනට ගිනිකොන දිග ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින දෙක තුළදී තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා. විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ  උතුරුමැද පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයටද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැසි සමග ඇතැම් අවස්ථාවලදී තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබදව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

[MP3]s54522_1[/MP3]

උතුරු මැද පළාතට යළි වැසි ඇද හැලීමත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. වාහල්කඩ ජලාශයේ වාන් දොරටුද මේ වනවිට විවෘතකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා අනුරාධපුර හිරු වාර්තාකරු අතුල බණ්ඩාර.
 
[MP3]s54522_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories