පළාත් සභා මැතිවරණ එකවර පවත්වන්න. පැෆරල්

Monday, 04 March 2013 - 13:16

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A

ඉදිරි පලාත් සභා මැතිවරණ එකවර පවත්වන්නැයි  පැෆරල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ පළාත් සභා මැතිවරණ කඩින් කඩ පැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හානි සිදුවන බවයි.

[MP3]s54530_1[/MP3]

පළාත් සභා මැතිවරණ කඩින්කඩ පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂද විවිධ අදහස් පළ කරනවා. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීම මැතිවරණ ක්‍රියාවලියේදී වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි. ඒ පිළිබඳව අදහස් තවදුරටත් කරුණු දක්වන එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන.

[MP3]s54530_2[/MP3]

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ රාජ්‍ය බලය යොදාගනිමින් කඩින් කඩ මැතිවරණ පැවැත්වීම රජයේ පුරුද්දක් වී ඇති බවයි.

[MP3]s54530_3[/MP3]

කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ පළාත් සභා මැතිවරණ කඩින් කඩ පැවැත්වීම ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද වාසි ගෙනදෙන බවයි.

[MP3]s54530_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories